දකුණු අප්‍රිකාව ලකුණු 211ක් ඉදිරියෙන්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(27) ක්‍රයිස්චර්ච් හී දී නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 45ක් ද, ටෙම්බා බවුමා ලකුණු 23ක් ද රැස් කළා.

Kyle Verreynne නොදැවී ලකුණු 22ක් හා වියාන් මෝල්ඩර් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ටිම් සවුති හා නෙයිල් වෑග්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 157 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ ඉනිමේ සියලු දෙනා ලකුණු 293කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නොදැවී ලකුණු 120ක් හා ඩැරල් මිචෙල් ලකුණු 60ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 5ක් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස් කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 364 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 211ක්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...