දසුන්ගේ හුදෙකලා සටන හමුවේ ඉන්දියාව තරග 3-0ක් ලෙස තරගාවලිය දිනයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(27) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

ධරම්ශාලාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා මුල් පෙල සියලු පිතිකරුවන් අසාර්ථක වීම කැපී පෙනුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබාත්, පැතුම් නිස්සංක එක් ලකුණකටත්, චරිත් අසලංක ලකුණු 4කටත්, ජනිත් ලියනගේ ලකුණු 9කටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ සිව් වැනි කඩුල්ල ලකුණු 29 දී ද, 5 වැනි කඩුල්ල ලකුණු 60 දී ද බිද වැටුණා.

අනතුරුව 6 වැනි කඩුල්ල සදහා නායක දසුන් ශානක හා චාමික කරුණාරත්න අතර පන්දු 47කින් නොබිදුණු ලකුණු 86 ක සබදතාවයක් ගොඩ නැගුණේ ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්.

දසුන් පන්දු 38කින් වේගවත් ලකුණු 74ක් නොදැවී රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්. චාමික නොදැවී ලකුණු 12යි.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් සිරාජ්, හර්ෂාල් පටෙල් හා රවී බිෂ්නෝයි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිට් ෂර්මා මෙම තරගයේ දී ද දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු 5ක් ලබා සිටියදී යි. දුෂ්මන්ත විසින් රෝහිට් ෂර්මා 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී දවා ගත් 6 වැනි අවස්ථාව එයයි.

සංජු සැම්සන් ලකුණු 18කට දැවී ගිය අතර, දීපක් හූදා ලකුණු 21ක් ද, වෙන්කටේෂ් අයියර් ලකුණු 5ක් ද රැස් කළා.

ෂ්රෙයස් අයියර් පන්දු 45කින් නොදැවී ලකුණු 73ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර හා චාමික කරුණාරත්න අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙය ඉන්දියාව අඛණ්ඩව වාර්තා කළ 12 වැනි 20යි 20 ජාත්‍යන්තර තරග ජය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...