දුෂ්මන්ත චමීරගෙන් නව වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද(26) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ඉන්දියාව සමග පැවැති දෙවැනි 20යි 20 තරගයේ දී යි.

එහිදී ඉන්දීය නායක රෝහිට් ෂර්මාගේ කඩුල්ල දවා ගනිමින් චමීර මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.

එය දුෂ්මන්ත චමීර විසින් රෝහිට් ෂර්මාගේ කඩුල්ල ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී දවා ගත් 5 වැනි අවස්ථාවයි.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී එක් පිතිකරුවෙකුව වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නා ලෙසයි ඔහු අද ඉතිහාසයට එක් වුණේ.

මීට පෙර කිසිදු පන්දු යවන්නෙකු විසින් එක් පිතිකරුවෙකුව 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී අවස්ථා 5ක් දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.

මේ වන විට ජාත්‍යන්තර 20යි 20 පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද රෝහිට් ෂර්මා (ලකුණු 3308) වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...