ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ උත්සාහය අපතේ යවමින් තරගාවලියේ ජය ඉන්දියාවට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් කඩුලු 7ක විශීෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිට් ෂර්මා එක් ලකුණකටත්, ඉෂාන් කිෂන් ලකුණු 16කටත් දැවී ගියා.

අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 84(47) ක වේගවත් සබදතාවයක් ගොඩ නැගීමට ෂ්රෙයස් අයියර් හා සංජු සැම්සන් සමත් වුණා.

සංජු පන්දු 25කින් ලකුණු 39ක් රැස් කළා. අයියර් පන්දු 44කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74ක්.

රවීන්ද්‍ර ජඩේජා පන්දු 18ක් පමණක් වැය කරමින් නොදැවී වේගවත් ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් ද, ළහිරු කුමාර කඩුලු 2ක් ද දවා ගත්තා.

දැඩි ශීත කාළගුණයක් යටතේ ධරම්ශාලා හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 67ක සබදතාවයක් ගොඩ නැගීමට ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක සමත් වුණා.

ධනුෂ්ක ලකුණු 38(29)කට දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 2යි. කමිල් මිෂාර එක් ලකුණකට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 9ක් පමණයි.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා පැතුම් හා නායක දසුන් ශානක පන්දු 26කින් වේගවත් ලකුණු 58ක සබදතාවයක් ගොඩ නැගුවා.

සිය 5 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ පැතුම් ලකුණු 75(53)ක් රැස් කළ අතර, දසුන් ශානක නොදැවී ලකුණු 47(19)ක් ලබා ගැනීමට සමත් වුණා.

දසුන්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

අවසන් පන්දුවාර 5 තුළ දී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

මෙය ඉන්දියාව ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී අඛණ්ඩව වාර්තා කළ 11 වැනි තරග ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය හෙට(27) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...