සීත කාළගුණය මැද දෙවැනි 20යි 20 තරගයට වර්ෂාව හරස් වන ලකුණු

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(26) පැවැත්වෙනවා.

තරගය පස්වරු 7ට ධරම්ශාලා හී දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් පළමු 20යි 20 තරගය අහිමි වූ මහීෂ් තීක්ෂණ හා කුසල් මෙන්ඩිස්ට තරගාවලියේ ඉතිරි තරග දෙක ද අහිමි වී තිබෙනවා.

වනිදු හසරංග ද තරගාවලියට එක් නොවන බැවින් පළමු තරගයේ දී ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රමට හා ජෙෆ්රි වැන්ඩර්සේ තවදුරටත් කණ්ඩායමේ ස්ථාන හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

නමුත්, පළමු තරගයේ දී පන්දු යවන්නන්ගෙන් කණ්ඩායමට සැලකිය යුතු දායකත්වය නොලැබීම මත අද තරගය සදහා බොහෝ විට පන්දු යැවීමේ බලඇණියට යම් වෙනසක් සිදු විය හැකියි.

ඒ අනුව ලහිරු කුමාර වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැදවීමට ද ඉඩ තිබෙනවා.

කමිල් මිෂාර වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස යළි එක් වීමට ද ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා ද මේ වන විට 20යි 20 සංචිතයට එක් වී ඇති බැවින් අද තරගය සදහා ඇතැම් විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

මේ අතර, අද තරගය පැවැත්වෙන ධරම්ශාලා ප්‍රදේශයට වැසි සහිත කාළගුණ තත්ත්වයක් පවතින අතර, තරගයට ද ඉන් බලපෑමක් එල්ල වීමේ අවධානමක් මතුව තිබෙනවා.

අවසන් වරට එම ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරග දෙකම වර්ෂාව හේතුවෙන් අවලංගු කිරීමට සිදු වුණා.

ක්‍රීඩාංගනය අවට උෂ්ණත්වය ද ඉතා පහළ අගයක් ගැනීමට නියමිත අතර, තරගය පැවැත්වෙන කාල සීමාවේ දී උෂ්ණත්වය 5°C ත් 6°C ත් අතර අගයක් ගනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...