රබාඩා හා ජන්සෙන් දෙවන ටෙස්ට් තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට නතු කරයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(26) ක්‍රයිස්චර්ච් හී දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 157 ක්.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නොදැවී ලකුණු 54ක් හා ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 29ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

හෙන්රි නිකල්ස් ලකුණු 39කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 16කටත්, ටොම් බ්ලන්ඩල් ලකුණු 6කටත්, විල් යන්ග් ලකුණු 3කටත්, නායක ටොම් ලේතම් ලකුණු නොලබාත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3ක් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස් කිරීමට තීරණය කළ දකුණු අප්‍රිකාව අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 238 ක්. ඔවුන්ගේ ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 364 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඩීන් එල්ගර් ලකුණු 41කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ Sarel Erwee ලකුණු 108ක් ලබා ගත්තා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 42යි.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 35කටත්, ටෙම්බා බවුමා ලකුණු 29කටත්, කේෂාව් මහරාජ් ලකුණු 36කටත් දැවී ගියා. මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තා

පන්දු යැවීමේ දී නෙයිල් වෑග්නර් කඩුලු 4ක් බිද හෙලූ අතර, මැට් හෙන්රි කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ක්යිල් ජමීසන් කඩුලු 2ක් ද, ටිම් සවුති එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඒ අනුව නවසීලන්තය සිය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 207ක්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...