තරගාවලි ජයත් සමග බංග්ලාදේශය සුපර් ලීගයේ පළමු තැනට

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශය අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර චිතගොංහි (Chattogram) පැවැති දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 88ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා ගනිමින්.

ලිටොන් දාස් ලකුණු 136ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 86ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 45.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.

නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 54ක් ද, රහ්මට් ශාහ් ලකුණු 52ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත්ව සිටින අතර, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද ඔවුන් සමත් වුණා.

බංග්ලාදේශය මේ වන විට සුපර් ලීගය යටතේ තරග 14කට ක්‍රීඩා කර ඉන් තරග 10ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 100ක් ලබා සිටිනවා.

එංගලන්තය දෙවැනි ස්ථානයේත්(95), ඉන්දියාව තෙවැනි ස්ථානයේත්(79) පසුවන අතර, ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි(62).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...