1st T20I : Update – ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 200ක ඉලක්කයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(24) පස්වරු 7ට ලක්නව් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් අතරේ ලකුණු 111 ක සබදතාවයක් ගොඩ නැගුණා.

රෝහිට් ලකුණු 44කට දැවී ගිය අතර, කිෂන් ලකුණු 89(56)ක් ලබා ගත්තා.

ෂ්රෙයස් අයියර් පන්දු 28කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57ක්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...