ලුන්ගි එන්ගිඩීට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට නවසීලන්තය සමග හෙට(25) ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙනුයි ඔහුට එම තරගය අහිමි වී ඇත්තේ.

දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයකට ලක් වූ පළමු ටෙස්ට් තරගය සදහා ද එන්ගිඩීට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

පළමු ටෙස්ට් තරගය සදහා කාගිසෝ රබාඩා, මාර්කෝ ජන්සෙන්, ඩුවාන් ඔලිවියර් හා Glenton Stuurman යන වේග පන්දු යවන්නන් සිව් දෙනා සමගින් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කළා.

කෙසේ වෙතත්, එම තරගයේ දී නවසීලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කිරීමට සමත් වුණා.

එම තරගයෙන් නවසීලන්තය ජය වාර්තා කළේ ඉනිමකින් හා ලකුණු 276 කින්.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය හෙට(25) මෙරට වේලාවෙන් අලුයම 3.30ට ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...