ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සමග තරග කරන්න ලෝක කුසලානයේ දී අවසර

Date:

කොවිඩ් 19 රෝගය හේතුවෙන් නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කොන්දේසි සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 රෝගයෙන් කණ්ඩායමකට බලපෑමක් එල්ල වන අවස්ථාවක දී ක්‍රීඩිකාවන් 11 දෙනෙකු වෙනුවට 9 දෙනෙකු පමණක් පන්දු රකින්නියන් ලෙස යොදා ගැනීමට අවසර ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

සහාය කාර්යය මණ්ඩලයේ කාන්තාවන් දෙදෙනෙකු රැදී සිටින්නේනම් ඔවුන්ට පන්දු රැකීම සදහා අවස්ථාව උදා වනවා.

කෙසේ වෙතත්, එම කාන්තාවන් දෙදෙනාට පන්දු යැවීමට හෝ පන්දුවට පහර දීමට අවසර හිමි වන්නේ නැහැ.

තරගයක් සම්පූර්ණයෙන් පවත්වා අවසන් කර ගැනීම සදහායි මෙම පියවර ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.

මේ අතර, මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ද තරගයක ලකුණු ප්‍රමාණය සම වූ අවස්ථාවකදී ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා අඛණ්ඩව සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කරන බව ද අයි.සී.සීය සිහිපත් කළා.

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...