Watch : භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ නම් නොකිරීමට විරෝධය පල කරමින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය පල කරනු ලබන්නේ භානුක රාජපක්ෂව සංචිතයට ඇතුළත් කරන ලෙසට බල කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ඊයේ (21) නිවේදනය කෙරුණු අතර, ඊට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ.

ඒ, ඔහුගේ සමේ මේද මට්ටම නියමිත ප්‍රමාණයට පවත්වා නොගැනීම හේතුවෙන්.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...