මේක ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නෙවෙයි : ඇමති නාමල් භානුක ගැන කතා කරයි

Date:

එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් නොවුනද, එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද(22) පාර්ලිමේන්තුවේ දී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද තෝරා ගෙන ඇති භානුක රාජපක්ෂව එළඹෙන ඉන්දීය තරගාවලිය සදහා නම් නොකිරීමට පියවර ගෙන ඇත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යරවයා කියා සිටියේ ඉන්දීය තරගාවලිය සදහා සංචිතය නම් කර ඇත්තේ තේරීම් කමිටුවේ හා පුහුණුකරුවන්ගේ නිර්දේශ මත බවයි.

“භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. හොද අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්.” යනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළා.

“ඔහුව තෝරා නොගැනීමට හේතු පිළිබදව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට මාවත් දැනුවත් කරා.” 

“මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙවෙයි. ඔහුට ඕනෙ තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතිං මම විශ්වාස කරනවා ඔහු හොද ආගමනයක් ක්‍රිකට්වලට දෙයි කියලා” (දර්ශන පහතින්)

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ඊයේ (21) නිවේදනය කෙරුණු අතර, ඊට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ.

ඒ, ඔහුගේ සමේ මේද මට්ටම නියමිත ප්‍රමාණයට පවත්වා නොගැනීම හේතුවෙන්.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...