3-0ක් ලෙස කොදෙව්වන් පරදා ඉන්දියාව ලෝකෙන්ම 1 වෙයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 17ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොල්කටා හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

පිට පිට තෙවැනි අර්ධ ශතකය ද වාර්තා කළ නිකලස් පූරාන් පන්දු 47කින් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්.

රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 29ක් ද, රොව්මන් පවෙල් ලකුණු 25ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී දීපක් චහාර් පන්දුවාර 1.5ක් තුළ ලකුණු 15කට කඩුලු 2ක් බිද හෙලූ අතර, අනතුරුව සිදු වූ පාදයක ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා.

වෙන්කටේෂ් අයියර් හා ශර්දුල් තාකූර් ද කඩුලු 2 බැගින් දවා ගත් අතර, හර්ෂාල් පටෙල් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 184ක් ලබා ගත්තේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

හයේ පහර 7ක් ද සමගින් සූර්යකුමාර් යාදෙව් පන්දු 31කින් ලකුණු 65ක් රැස් කළා. වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 35(19)යි.

ඉෂාන් කිෂන් ලකුණු 34ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර්, රොමාරියෝ ෂෙපර්ඩ්, රොස්ටන් චේස්, හෙයිඩ්න් වොල්ෂ් හා ඩොමිනික් ඩ්‍රෙක්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සූර්යකුමාර් යාදෙව් සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම ජයත් සමග ඉන්දියාව අයි.සී.සී පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වුණා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ එංගලන්තය දෙවැනි ස්ථානයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...