ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව අද යළි තරග බිමට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් 20යි 20 තරගය අද(20) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරග 4 ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්ව ඇති බැවින් තරගාවලිය ගෞරවනීය ලෙස අවසන් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කර ඇති 20යි 20 තරග අටම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්, මෙම තරගාවලියේ අවසන් තරගය හෝ ජයග්‍රාහී ලෙස නිමා කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇති.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොදින් දක්ෂතා අතරට පිවිසුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ඉතා දුර්වල මට්ටමක පැවැති බැවින් අවසන් තරගයේ දී හෝ එය නිවැරැදි කර ගැනීම අතිශය වැදගත් වනු නොඅනුමානයි.

මීට පෙර පැවැති 20යි 20 තරග හතරම මෙරට වේලාවෙන් පස්වරු 1.40ට ආරම්භ වූ නමුත්, අද තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පෙරවරු 11.40ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...