අවිශ්කට මාස 3ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට මාස කිහිපයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඔස්ට්‍රේලියානු තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිටින ඔහු පුහුණුවීම් අතරතුර දී දණහිසක ආබාධයකට ලක්ව ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු බොහෝ විට එරට දී ම ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.

ආබාධය සම්පූර්ණයෙන් සුව වීම සදහා අවම වශයෙන් මාස 3ක පමණ කාලයක් ගත වනු ඇති.

මේ වන විට නුවන් තුෂාර හා රමේෂ් මෙන්ඩිස් ද ඔස්ට්‍රේලියාවේ දී ආබාධවලට ලක්ව ඇති අතර, වනිදු හසරංගට හා බිනුර ප්‍රනාන්දුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...