රිස්වාන්ගේ හා රොසොව්ගේ සුපිරි ප්‍රහාරය මුල්තාන් කණ්ඩායමට ලකුණු 117ක දැවැන්ත ජයක් ගෙනෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 25 වන තරගය ඊයේ (18) ලාහෝර් හි ගඩාෆී ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේ මොහොමඩ් රිස්වාන් නායකත්වය දරන මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ලකුණු 117 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මුල්තාන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුනේ සර්ෆරාස් අහමඩ් නායකත්වය දරන කුවෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

මෙම තරගයෙ කාසියේ වාසිය දිනා ගත් මුල්තාන් සුල්තාන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසු ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 බිඳ වැටී ලකුනු 245 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත්වුණා.

නායකත්වයේ ඉනිමක් දියත්කළ මොහොමඩ් රිස්වාන් පන්දු 54 කදී නොදැවී ලකුණු 83 ක් ( 4 x 07 | 6 x 03 | SR : 153.7 ) ක් වාර්තා කලා.

රිසී රොසෝව් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 26 කදී ලකුණු 71ක් ( 4 × 09 | 6 × 04 | SR : 273.08 ) නොදැවී රැස්කිරීමට සමත් වුණා. ශාන් මසූඩ් ලකුණු 57(38) යි.

පන්දු යැවීමේදී මොහොමඩ් ඉර්ෆාන්, නශිම් ශාහ් සහ Ghulam Mudassar අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුනු 246 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කුවෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 15.5 ක් තුල සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 128 ක් පමණයි.

උමාර් අක්මාල් පන්දු 23 කදී ලකුණු 50 ( 4 × 02 | 6 × 06 | SR : 217.39 ) ක් රැස්කලා. ජේසන් රෝයී ලකුනු 38(19) යි. නායක සර්ෆරාස් අහ්මඩ් ලකුනු 17 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අසීෆ් අෆ්රිඩී, ඩේවිඩ් විලී, ශහ්නවාස් ධහානී සහ කුශ්දිල් ශාහ් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ඉම්රාන් තහීර් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

තරගය වීරයා සම්මානයෙන් පිදුම් ලැබු‍ෙ සුපිරි පිතිකරණයක නිරත වූ රීලී රුසෝව්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...