නවසීලන්තයට ඉනිමක හා ලකුණු 276ක විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 276ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 34ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

ටෙම්බා බවුමා ලකුණු 41 ක් ද, Kyle Verreynne ලකුණු 30ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5ක් දවා ගනිමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම අස්ථාවර කිරීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී කඩුලු 7ක් දවා ගත් මැට් හෙන්රි දෙවැනි ඉනිමේ දී කඩුලු 2ක් දවා ගත් අතර, නෙයිල් වෑග්නර් ද කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 95ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 482 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...