පාකිස්තානය 126/5 – Day 1 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (13) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 126ක් ලබා සිටියා.

බබාර් අසාම් නොදැවී ලකුණු 25යි.

මුළු ලකුණු පුවරුව 6 ක්ව තිබිය දී ප්‍රථම කඩුල්ල ලෙස පෙර තරගයේ ශතක ලාභී ශාන් මසූඩ්ව එක් ලකුණකට දවා ගැනීමට ජේමීස් ඇන්ඩර්සන් සමත්වුණා.

අබිඩ් අලී ලකුණු 60ක් රැස් කළ අතර, නායක අසාර් අලීට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 20 ක් පමණයි.

අශාඩ් ෂෆීක් ලකුණු 5යි.

වසර 11කට පසුව යළි පකිස්තාන ටෙස්ට් කණ්ඩායමට කැඳවීමක් ලද ෆාවඩ් අලාම් මෙම තරගයේදී වටිනා ඉනිමක් ක්‍රීඩාකරනු ඇතැයි පකිස්තාන ප්‍රේක්ෂකයන් අපේක්ෂාවෙන් සිටිය ද ඔහුට අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවීයාමට සිදුවුණා

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...