වසර 11 ට පසු කණ්ඩායමට පැමිණි අලාම් ලකුණු බිංදුවට දැවී යයි

Date:

එංගලන්ත කණ්ඩායම හා සංචාරක පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සවුත්හැම්ටන් ක්‍රීඩා පිටියේදී අද(13) ආරම්භ වුණා.

පාකිස්තාන කණ්ඩායමට තරගාවලියට අවතීර්ණ වීමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් තීරණාත්මක වනු ඇති.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ නායක අසාර් අලී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ගත් තීරණයට සාධාරණයක් ඉටුකිරීමට පාකිස්තාන ආරම්භක පිතිකරණ යුගලයට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

මුළු ලකුණු පුවරුව 6 ක්ව තිබිය දී ප්‍රථම කඩුල්ල ලෙස පෙර තරගයේ ශතක ලාභී ශාන් මසූඩ්ව එක් ලකුණකට දවා ගැනීමට ජේමීස් ඇන්ඩර්සන් සමත්වුණා.

අබිඩ් අලී ලකුණු 60ක් රැස් කළ අතර, නායක අසාර් අලීට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 20 ක් පමණයි.

අශාඩ් ෂෆීක් ලකුණු 5යි.

වසර 11කට පසුව යළි පකිස්තාන ටෙස්ට් කණ්ඩායමට කැඳවීමක් ලද ෆාවඩ් අලාම් මෙම තරගයේදී වටිනා ඉනිමක් ක්‍රීඩාකරනු ඇතැයි පකිස්තාන ප්‍රේක්ෂකයන් අපේක්ෂාවෙන් සිටිය ද ඔහුට අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවීයාමට සිදුවුණා.

ඒ, පන්දු හතරකට පමණක් මුහුණ දෙමින්.

ක්‍රිස් වෝක්ස් යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනුයි ඔහු දැවී ගියේ.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...