තීක්ෂණගේ IPL සිහිනය බොද වෙයි ද? තීක්ෂණ නිසා තමිල්නාඩු වැසියන් CSK වර්ජනය කරයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුතු බවට මේ වන විට දකුණු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සති අන්තයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට ගත් තීරණය හේතුවෙනුයි ඔවුන් මෙලෙස සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුතු බවට හඩක් නගමින් සිටින්නේ.

ක්‍රීඩක වෙන්දේසියේ දී මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලක් වියදම් කළා.

මීට පෙර ද චෙන්නායි කණ්ඩායම සදහා මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, තිලාන් තුෂාර වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කර තිබුණා.

කෙසේ වෙතත්, 2012 වසරෙන් පසුව කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු චෙන්නායි කණ්ඩායම නියෝජනය කළේ නැහැ.

මෙරට යුද සමයේ සිදු වූ බව කියන ඇතැම් සිද්ධීන් පාදක කර ගනිමින් තමිල්නාඩු දේශපාලනඥයින් හා ඇතැම් පාර්ශව විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැක් වූ විරෝධය ඊට හේතු වුණා.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කිරීම ද ඔහුට හා චෙන්නායි කණ්ඩායමට එරෙහිව මේ වන විට එල්ල වන විරෝධය දැඩි වීමට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...