ඇෆ්ඝනිස්තාන හා බංග්ලාදේශ ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

Date:

බංග්ලාදේශ තරග සංචාරයක නිරතව සිටින ඇෆ්ඝනිස්තාන සංචිතයේ සියලු සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණේ ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 8 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ඒ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින හා 20යි 20 තරගාවලි ද අවධානමකට ලක්ව තිබුණා.

කෙසේ වෙතත්, සියලු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමග ඔවුන් හෙට(17) දිනයේ දී පුහුණු තරගයකට ද මුහුණ දීමට නියමිතව තිබෙනවා.

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය 12 වනදා ඩකා නුවරට ළගා වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු පසුව කණ්ඩායම හා එක් වූ අතර, මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින රෂීඩ් ඛාන් හා මොහොමඩ් නබී ඉදිරියේ දී කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ දී බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් හා තරග 2කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ එළඹෙන 23 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...