Watch : ශතකය සමරමින් නිරෝෂන් දික්වැල්ල නටපු නැටුම

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට මහනුවර කණ්ඩායම අද(16) සමත්වුණා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර ලකුණු 233 ක සබදතාවයක් ගොඩ නැගීම විශේෂත්වයක්.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ගාලු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් පමණක් බිඳ වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 343 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 104 කදී ලකුණු 135 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ලහිරු උදාර ලකුණු 106(116) ක් රැස්කළා.

නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 58(41) යි. පුලින තරංග ලකුණු 13(12)ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක් වෙද්දි අනර්ඝ පන්දු යැවීමක නිරත වූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක චලන ද සිල්වා සිය පන්දුවාර 10 තුළ ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන් සහ අකිල ධනංජය අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේදී ශතකය වාර්තා කිරීමෙන් පසුව නර්ථනයක් සිදු කරමින් එය සැමරීමට දික්වැල්ල කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා. (ඊට අදාළ වීඩියෝ දර්ශන දෙකක් පහතින්)

මෙම තරගයෙන් මහනුවර කණ්ඩායමට ලකුණු 66ක විශිෂ්ඨ ජයක් හිමි වුණේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 277ක් පමණක් ලබා ගැනීමත් සමගයි.

කවිශ්ක අංජුල ලකුණු 90(71)ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් කඩුලු 4ක් හා පුලින තරංග කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...