ෂ්රෙයස් අයියර් චාමිකගේ නායකයා වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ෂ්රෙයස් අයියර් පත් කර තිබෙනවා.

කොල්කටා කණ්ඩායම විසින් නිමා වූ අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 12.25ක් වැය කරමින්.

ඔහු මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

2020 වසරේ දී දිල්ලි කණ්ඩායම පළමු වරට අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට ද අයියර් නායකත්වය ලබා දුන්නා.

ඔහු අයි.පී.එල් තරග 87කදී ලකුණු 2,375 රැස් කිරිමට සමත්ව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා කොල්කටා කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

  • කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය –

වෙන්දේසියට පෙර රදවා ගත් ක්‍රීඩකයින් – Andre Russell, Varun Chakravarthy, Venkatesh Iyer, Sunil Narine

වෙන්දේසියේ දී මිලදී ගත් ඉන්දීය ක්‍රීඩකයින් – Shreyas Iyer, Nitish Rana, Umesh Yadav, Shivam Mavi , Sheldon Jackson, Ajinkya Rahane, Rinku Singh, Anukul Roy, Rasikh Dar, Baba Indrajith, Abhijeet Tomar, Aman Khan, Ramesh Kumar, Pratham Singh, Ashok Sharma

වෙන්දේසියේ දී මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් – Pat Cummins, Chamika Karunaratne, Sam Billings, Alex Hales, Tim Southee, Mohammad Nabi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...