අනතුරකට මුහුණ දුන් ස්මිත්ට 20යි 20 තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි පන්දුවාර 20යි 20 තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයේ දී පන්දු රකිමින් සිටියදී ඔහු මුහුණ දුන් අනතුර හේතුවෙන්.

තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී හයේ පහරක් නතර කිරීම සදහා ස්මිත් විසින් දැඩි උත්සාහයක නිරත වූ අතර, එහිදී ඔහුගේ හිස ඉතා තදින් පොලොවෙහි ගැටීමක් සිදු වුණා.

එම අනතුර හේතුවෙන් ස්මිත් මේ වන විට යම් කම්පන තත්ත්වයකට ගොදුරුව ඇති බවත්, සම්පූර්ණයෙන් ඔහු යථා තත්ත්වයට පත්වීම සදහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බවත් සදහන්.

කෙසේ වෙතත්, ස්මිත් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකරන බව ද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවති දෙවැනි 20යි 20 තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය වාර්තා කළේ සුපිරි පන්දුවාරයේ දී යි.

ඒ අනුව ඔවුන් මේ වන විට තරග 5කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...