IPL වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා

Date:

දින දෙකක් පුරා බැංගලූරුහී දී පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය නිමාවට පත් වුණේ ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වෙමින්.

විවිධ මිල ගණන් යටතේ එම ක්‍රීඩකයින් මිලදී ගැනීමට අයි.පී.එල් තරගාවලියට එක් වන කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වැය කළ මුදලෙහි මුළු වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 551 කට අධිකයි.

මෙවර වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූයේ ඉන්දියාවේ ඉෂාන් කිෂන්.

ඉන්දීය රුපියල් කෝටි 15.25 ක මිලකට ඔහුව මිලදී ගත්තේ ඉෂාන් කිෂන් මීට පෙර නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින්මයි.

මෙවර වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 11.5ක මුදලකටයි.

මෙවර වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා පහතින් –

  1. ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 15.25
  2. දීපක් චහාර් : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 14
  3. ෂ්රෙයස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 12.25
  4. ලියම් ලිවින්ග්ස්ටන් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 11.5
  5. ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  6. වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  7. හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  8. නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  9. ලොකී ෆර්ගියුසන් : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  10. අවේෂ් ඛාන් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  11. ප්‍රසිද් ක්‍රිෂ්නා – රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...