මහීෂ් තීක්ෂණ සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වෙයි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනයේ කටයුතු මේ වන විට බැංගලූරුහී දී සිදු වෙමින් පවතිනවා.

අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වූයේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණයි.

ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකටයි.

ඔහුට අමතරව අද දිනයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකටයි ඔහුව මිලදී ගැනීමට එම කණ්ඩායම සමත් වුණේ.

මීට පෙර වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...