ශ්‍රී ලංකාවට දෙවැනි 20යි 20 තරගය අතරතුර දී දඩුවම් පනවයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.

ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 48(32)ක් රැස් කළ අතර, නායක ආරෝන් ෆින්ච් ලකුණු 25යි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 19ක් ලබා ගත්තා.

මැතිව් වේඩ් පන්දු 4කින් වේගවත් ලකුණු 13ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර හා මශීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුණා.

නව නීති ප්‍රකාරව එවැනි අවස්ථාවක නියමිත කාලයෙන් පසුව යවනු ලබන ඉතිරි පන්දුවාර යොමු කිරීමට සිදුවන්නේ යාර 30 සීමාවෙන් පිටත ක්‍රීඩකයින් 5 දෙනෙකු වෙනුවට ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් රදවමින්.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා අවසන් කිරීමට නොහැකි වූ බැවින් , අවසන් පන්දුවාරය යොමු කිරිමට සිදු වූයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් යාර 30 සීමාවෙන් පිටත රදවා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...