ඉන්දීය උප නායක රාහුල්ට හා අක්සාර්ට කොදෙව් 20යි 20 තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දීය කණ්ඩායමේ උප නායක කේ.එල් රාහුල්ට හා තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී රාහුල්ගේ වම් පාදයේ ආබාධයක් සිදුව ඇති අතර, ඒ හේතුවෙනුයි ඔහුට 20යි 20 තරගාවලිය අහිමි වී ඇත්තේ.

මෑතකදී කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ අක්සාර් පටෙල් මේ වන විට ඔහුගේ පුනරුත්තාපන කටයුතුවල අවසන් අදියර යළි ආරම්භ කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔවුන් බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කිරීමට නියමිතයි.

එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට රුටුරාජ් ගයික්වඩ් හා දීපක් හූදා ඉන්දීය 20යි 20 සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 16 වනදා කොල්කටා හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s T20I squad:

Rohit Sharma (Captain), Ishan Kishan, Virat Kohli, Shreyas Iyer, Surya Kumar Yadav, Rishabh Pant (wicket-keeper), Venkatesh Iyer, Deepak Chahar, Shardul Thakur, Ravi Bishnoi, Yuzvendra Chahal, Washington Sundar, Mohd. Siraj, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel, Ruturaj Gaikwad, Deepak Hooda.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...