කොදෙව්වන් පරදා 3-0ක් ලෙස ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(11) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 96ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

නායක රෝහිට් ෂර්මා ලකුණු 13කටත්, විරාට් කෝලි ලකුණු නොලබාත්, ශිකර් ධවාන් ලකුණු 10කටත් දැවී ගියා.

ෂ්රෙයස් අයියර් ලකුණු 80 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස් කරමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගුවා.

සූර්යකුමාර් යාදෙව් මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. දීපක් චහාර් ලකුණු 38ක් ද, වොෂින්ටන් සුන්දර් ලකුණු 33ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 34කට කඩුලු 4ක් බිද හෙලුවා. අල්සාරි ජෝසප් හා හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 37.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ඔඩියන් ස්මිත් ලකුණු 36ක් හා වැඩබලන නායක නිකලස් පූරාන් ලකුණු 34ක් රැස් කළ අතර, අල්සාරි ජෝසප් ලකුණු 29යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් හා ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 බැගින් බිද හෙලුවා. දීපක් චහාර් හා කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස ෂ්රෙයස් අයියර් ද, තරගාවලියේ වීරයා ලෙස ප්‍රසිද් ක්‍රිෂ්නා ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...