Watch : “ගැරඩියා” රසල් ආර්නල්ඩ් සුද්දන්ට සිංහල උගන්නපු හැටි

Date:

ලොව අංක එකේ 20යි 20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ වනිදු හසරංග අද(11) නව ආකාරයේ පන්දුවක් යොමු කරමින් ජාත්‍යන්තරයේ විශේෂ අවධානයකට ලක් වුණා.

ඒ, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද ආරම්භ පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි.

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල කඩුලු 3ක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

ආරෝන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීවන් ස්මිත් යන ක්‍රීඩකයින් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියා.

හසරංග විසින් අද තරගයේ දී සිය පන්දු යැවීමේ ඉරියව්ව ඇතැම් අවස්ථාවලදී වෙනස් කරන ආකාරයක් දක්නට ලැබුණු අතර, සාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වෙන් බැහැරව ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට ආසන්න ඉරියව්වකින් හසරංග විසින් මෙහිදී පන්දු යොමු කරනු ලැබුවා.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් එම පන්දු යොමු කිරීම “Undertaker” යන නමින් හදුන්වනු ලැබූ අතර, අනතුරුව විස්තර විචාරයට එක් වූ රසල් ආර්නල්ඩ් විසින් එය හදුන්වනු ලැබුවේ “ගැරඩියා” යන නමින්.

ගැරඩියා යනු සර්පයෙකු බව සදහන් කළ රසල් ආර්නල්ඩ් එම නම උච්චාරණය කරන ලෙසට මෙහිදී ජාත්‍යන්තර විස්තර විචාරකයින්ට ඇරයුම් කළ අතර, එම අවස්ථාවේ දී විස්තර විචාරකයින් විසින් එය උච්චාරණය කිරීමට ද උත්හාස කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

එම අවස්ථාවට හා අදාළ පන්දු යැවීමේ ඉරියව්වට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...