Watch : ස්මිත් අසරණ කළ වනිදුගේ සුපිරි ගුග්ලි පන්දුව ; ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(11) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින්.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ බෙන් මැක්ඩමට් ලකුණු 53 (41) ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්.

මංගල 20යි 20 තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23කට දැවී ගියා.

මර්කස් ස්ටොයිනිස් පන්දු 17කින් වේගවත් ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා. ආරෝන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීවන් ස්මිත්ගේ කඩුලු වනිදු හසරංග විසින් දවා ගනු ලැබුවා.

බිනුර ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලූ අතර, චාමික කරුණාරත්න ලකුණු 22කට කඩුලු 2ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 38කට කඩුලු 2ක් ද දවා ගත්තා.

හසරංග විසින් ස්මිත්ගේ කඩුල්ල දවා ගත් අයුරු –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...