2021 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීම සදහා ක්‍රීඩකයෙකුට සිදු කෙරුණු යෝජනාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ මෙරට ප්‍රබල තරුණ ක්‍රීඩකයෙකුට මෙම තරග පාවාදීමේ යෝජනාව සිදු කර ඇති බවයි.
ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු හා ඔහුගේ මිතුරෙකු විසින් මෙම යෝජනාව සිදු කර ඇති බව සදහන්.
හිට් විකට් ආකාරයෙන් දැවී යන ලෙසට මෙම යෝජනාව සිදු කර ඇති බවයි ජගත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ.
ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයා විසින්ම තම ඒකකයට තොරතුරු ලබා දුන් බව හෙතෙම සදහන් කර සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු කිරීමෙන් පසුව ඊට අදාළ උදෘත නීතිපති වෙත මේ වන විට යොමු කර තිබෙනවා.

