තරග 6ක් පිට පිට පැරදුණු දඹුල්ල කණ්ඩායම සුපර් ලීගයේ පළමු ජය ලබයි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සිය පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, ගාලු කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 33.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

හිමාෂ ලියනගේ ලකුණු 29ක් හා ප්‍රියමාල් පෙරේරා ලකුණු 16ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 15 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දුවිදු තිලකරත්න ලකුණු 21 කට කඩුලු 4ක් දවා ගත්තා. අශාන් ප්‍රියන්ජන් ලකුණු 10කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 24.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අශාන් ප්‍රියන්ජන් ලකුණු 31ක්, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 28ක් හා සමීර සදමාල් නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන්, කවිෂ්ක අංජුල, නිමේෂ් විමුක්ති, චලන ද සිල්වා හා අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයට පෙර දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කර තිබූ පළමු තරග හයම පරාජයට පත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...