20යි 20 තරගාවලියට මෙන්ඩිස් ක්‍රීඩා කරාවි ද? පුහුණුකරු කරුණු පහදයි

Date:

කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බව ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසනවා.

ඔහු ලබන ඉරිදා දිනයේ දී PCR පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති බවත්, එම වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වුවහොත් (negative) සදුදා දිනයේ දී තවත් PCR පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බවත්, ශ්‍රී ලංකා පුහුණුකරු සදහන් කළා.

එම වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වුවහොත් (negative) පමණක් කුසල්ට එළඹෙන 15 වැනිදා පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බවයි රුමේෂ් රත්නායක මහතා අද(10) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගය හෙට(11) මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...