ප්‍රසාද ලකුණු 12-4ක් ලෙස එංගලන්තයට අලුබදුනෙන් දරුණු පරාජයක්

Date:

ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැති මෙවර අලුබදුන තරග මාලාව අද(8) නිමාවට පත් වුණේ ප්‍රසාද ලකුණු 12-4ක් ලෙස ශූරතාවය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හිමි කර දෙමින්.

තරග මාලාව අවසන් කරමින් අද පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 36.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙවර අලුබදුන තරග මාලාවේ දී එංගලන්තයට කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්.

කාන්තා අලුබදුන තරග මාලාවට 20යි 20 තරග 3ක්, ටෙස්ට් තරගයක් හා එක්දින තරග 3ක් ඇතුළත් වුණා.

දෙවැනි හා තෙවැනි 20යි 20 තරග වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

සෙසු සියලු තරග ජය ගත්තේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඔස්ට්‍රේලියා – එංගලන්ත පිරිමි කණ්ඩායම් අතර පැවැති මෙවර අලුබදුන ටෙස්ට් තරගාවලියේ දී ද එංගලන්තයට කිසිදු ජයග්‍රහනයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...