ලෝක කුසලානයට ගිය ඇෆ්ඝනිස්තාන යොවුන් සංචිතයේ 4ක් අතුරුදන්

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක් වූ ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ සංචිතයේ සාමාජිකයින් සිව් දෙනෙකු යළි සිය රට බලා පැමිණ නොමැති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදාළ සාමාජිකයින් අතර ක්‍රීඩකයෙකු ද සිටින බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඔවුන් සිව් දෙනා මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔවුන් එලෙස ලන්ඩන් නුවර රැදී සිටින්නේ සරණාගතභාවය අපේක්ෂාවෙන්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඔවුන්ගේ සංක්‍රමණික වීසාවල වලංගු කාලය ද අද(8) දිනයෙන් අවසන් වනවා.

මේ සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...