වෙනස්කම් කිහිපයක් සමගින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

නිත්‍ය නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින් මෙම තරගාවලියේ දී ද නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ටොම් ලේතම්.

ටෙස්ට් සංචිතය සදහා පළමු වරට Cam Fletcher හා Blair Tickner කැදවීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් හා හෙමිෂ් රදර්ෆර්ඩ් ද යළි සංචිතයට කැදවීමට තීරණය කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් පළමු ටෙස්ට් තරගය සදහා නම් කර නැහැ.

ඒ, ඔහු හා ඔහුගේ බිරිද සිය තෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වනදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

  • New Zealand squad for first Test: Tom Latham (c), Tom Blundell (wk), Devon Conway, Colin de Grandhomme, Cam Fletcher (wk), Matt Henry, Kyle Jamieson, Daryl Mitchell, Henry Nicholls, Rachin Ravindra, Hamish Rutherford, Tim Southee, Blair Tickner, Neil Wagner, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...