සිතාරගේ හා නුවනිදුගේ ශතක හමුවේ දඹුල්ල පිට පිට 6 වැනි තරගයත් පරදියි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ 6 වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට දඹුල්ල කණ්ඩායමට අද(7) සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ 13 වැනි තරගයෙන් කොළඹ කණ්ඩායම හමුවේ ලකුණු 107 ක පරාජයකට ලක් වීම හේතුවෙන්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස් කළා.

ඒ, සිතාර ගිම්හාන් හා නුවනිදු ප්‍රනාන්දු ලබා ගත් ශතකවලින් ශක්තිමත් වෙමින්.

සිතාර ලකුණු 110(104) ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 13ක් සමගින්.

පන්දු 82කින් නුවනිදු වාර්තා කළ ලකුණු 100 සදහා හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු 3ක් ද, ළහිරු සමරකෝන් කඩුලු 2ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 48.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 210ක් පමණයි.

ලසිත් අබේරත්න හා සමීර සදමාල් ලකුණු 57 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී කලන පෙරේරා හා ළහිරු මධුෂංක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. මොහොමඩ් දිල්ෂාඩ් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...