LPL තරග කොළඹට අහිමි වෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී නොපැවැත්වෙනු ඇති බව වාර්තා වනවා.

ඒ, එම ක්‍රීඩාංගනයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති වීම හේතුවෙන්.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, දඹුල්ල, මහනුවර සහ හම්බන්තොට දී පමණක් මෙවර තරගාවලියේ සියලු තරග පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයින්ට දින 7ක පමණ කාලයක් පමණක් නීරෝධායනයට ලක් වීමට සිදු වනු ඇති.

කෙසේ වෙතත්, මෙතෙක් තරගාවලියට එක් වන ක්‍රීඩකයින් නම් කර නොමැති බැවින් අදාළ ක්‍රීඩකයින්ට මෙරටට පැමිණීමට සිදු වන්නේ තරගාවලිය ආරම්භ වීමට දින 10කට පමණ පෙරයි.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම් රටවල්වල ගුවන් තොටුපොලවල් වසා දමා තිබීමත්, මෙරටට පැමිණෙන ගුවන් යානා සීමාවීමත් හේතුවෙන් තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

අයි.පී.එල් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් සමග මේ වන විට එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි Innovative Production Group (IPG) සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා

ඒ, එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායම්වල හිමිකාරීත්වය පිරිනැමීමේ කටයුතු වෙනුවෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...