ඩැනියල්ගේ කඩුලු 5 හා දික්වැල්ලගේ ඉනිම මහනුවරට ජය ගෙනෙයි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද(7) දඹුල්ල ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ මහනුවර කණ්ඩායමට ජය හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ යාපනය කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට යාපනය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි යාපනය කණ්ඩායමට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

සධීර සමරවික්‍රම ලකුණු 31(30)ක් රැස් කළ නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

ළහිරු තිරිමාන්න ලකුණු 8කටත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 9කටත් දැවී ගියා.

ඉෂාන් ජයරත්න ලකුණු 13ක්, ධමිත සිල්වා ලකුණු 12ක්, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 11ක් හා නිමන්ද මදුෂංක ලකුණු 10ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් පන්දුවාර 6.2 ක් යොමු කරමින් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තා.

සහන් ආරච්චිගේ කඩුලු 2ක් ද, ලසිත් ඇඹුල්දෙණිය හා පුලින තරංග එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(110/5)

නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 45(34)යි. ලහිරු උදාර ලකුණු 3කටත්, කවීන් බණ්ඩාර ලකුණු 11කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 5කටත්, පුලින තරංග ලකුණු 7කටත් දැවී ගියා.

සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 20ක් හා ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී ලකුණු 9ක් ලබා ගනිමින් මහනුවර පිල ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 2ක් ද, ප්‍රමෝද් මදුෂාන් හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...