සිය 1,000 වැනි එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

අහ්මදාබාද්හී දී පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව ජය වාර්තා කළේ කඩුලු 6කින්.

මෙම තරගය ඉන්දියාව එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී ක්‍රීඩා කළ 1,000 වැනි එක්දින තරගය වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට හැකි වූයේ නැහැ.

කොදෙව් පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 43.5 ක් අවසානයේ දැවී ගියේ ලකුණු 176 කටයි.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 79 දී බිද වැටුණු නමුත්, අනතුරුව කොදෙව් කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ජේසන් හෝල්ඩර් හා ෆේබියන් ඇලන් සමත් වුණේ 8 වැනි කඩුල්ල සදහා ලකුණු 78 ක සබදතාවයක් ගොඩ නගමින්.

ෆේබියන් ඇලන් ලකුණු 29 කට දැවී ගිය අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 57ක් රැස් කළා. හෝල්ඩර්ගේ ඉනිමට හයේ පහර 4ක් ඇතුළත්.

නායක කයිරන් පොලාඩ් පළමු පන්දුවෙන්ම දැවී ගියා.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත්තා.

වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 3ක් ද, ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 29කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 28ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් තරග 1-0ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ  පෙරමුණ ගැනීමට සමත් වුණා.(178/4)

ආරම්භක කඩුල්ල සදහා නායක රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් අතරේ ලකුණු 84ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, එය බිද වැටුණේ රෝහිට් ලකුණු 60(51) කට දැවී යාමත් සමගයි.

විරාට් කෝලි ලකුණු 8කටත්, කිෂන් ලකුණු 28කටත් දැවී ගියා. රිෂාබ් පාන්ට් ලකුණු 11කට දැවී ගියේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙමින්.

කෙසේ වෙතත්, 5 වැනි කඩුල්ල සදහා ලකුණු 62ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් සූර්යකුමාර් යාදෙව් හා දීපක් හූදා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

සූර්යකුමාර් නොදැවී ලකුණු 34ක් ද, සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ දීපක් හූදා නොදැවී ලකුණු 26ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 2ක් හා අකීල් හොසේන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙය රෝහිට් ෂර්මාගේ නිත්‍ය නායකත්වය යටතේ ඉන්දියාව ක්‍රීඩා කළ පළමු එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...