Watch : බබාර් අසාම් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(6) පැවැති තරගයකදී ඉතාමත් අසීරු උඩ පන්දුවක් විශිෂ්ඨ අන්දමින් රැක ගැනීමට කරච්චි කිංග්ස් කණ්ඩායමේ නායක බබාර් අසාම් සමත්වුණා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

ඉස්ලාමාබාද් යුනයිටඩ් ඉනිමේ 18 වන පන්දුවාරයේ පළමු පන්දුවට අසීෆ් අලී විසින් කවර් කලාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්, එම පහර සාර්ථකව එල්ල කිරීමට ඔහුට නොහැකි වූ අතර, එය උඩ පන්දුවක් ලෙස එක් අතක් පමණක් උපයෝගී කර ගනිමින් විශිෂ්ඨ අන්දමින් රැක ගැනීමට බබාර් අසාම් සමත් වුණා.

එම උඩ පන්දු රැක ගැනීම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් ඇතුළු බොහෝ ක්‍රිකට් රසිකයින්ගේ පැසසුමට මේ වන විට ලක්ව තිබෙනු දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...