යොවුන් ලෝක ශූරයින්ට පිරිනමන ත්‍යාග මුදල් ඉන්දියාව නිවේදනය කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායමට පිරිනමන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමිනුයි ඉන්දියාව පස්වැනි වරටත් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය මෙරට වේලාවෙන් අද(6) අලුයම හිමි කර ගත්තේ.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගය ජය ගත් මොහොතේ දී ම ඉන්දීය යොවුන් කණ්ඩායමට පිරිනමන මූල්‍ය ත්‍යාග සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ් (Jay Shah) විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළ අතර, මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක(ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් ලක්ෂ 108ක්) මූල්‍ය ත්‍යාගයක් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමීමට නියමිතයි.

සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 25 ක මුදලක් පිරිනමන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ඉන්දීය යොවුන් කණ්ඩායම 2000, 2008, 2012 හා 2018 යන වසරවලදී ද යොවුන් ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගෙන තිබුණා.

මෙවර තරගාවලිය ඔවුන් ජය ගත්තේ අපරාජිතව වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...