අයි.සී.සී යොවුන් ලෝක කුසලානයේ වටිනාම ලෝක කණ්ඩායම නම් කෙරේ

Date:

නිමා වූ අයි.සී.සී යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) නිවේදනය කළා.

යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක යෂ් ධුල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

රටවල් 8ක ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට නම් කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇත්තේ.

ලෝක ශූර ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඊට ඇතුළත් අතර, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

මෙවර යොවුන් ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ.(කඩුලු 17 ක්)

එමෙන්ම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා වූයේ ද ඔහුයි.(ලකුණු 264 ක්)

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දියාවේ රාජ් බාවා හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ දකුණු අප්‍රිකාවේ Dewald Brevis ද මෙම කණ්ඩායම වෙනුවෙන් නම් කර තිබෙනවා.

The team of the ICC U19 Cricket World Cup 2022 :

  1. Haseebullah Khan (WK) (Pakistan)
  2. Teague Wyllie (Australia)
  3. Dewald Brevis (South Africa)
  4. Yash Dhull (C) (India)
  5. Tom Prest (England)
  6. Dunith Wellalage (Sri Lanka)
  7. Raj Bawa (India)
  8. Vicky Ostwal (India)
  9. Ripon Mondol (Bangladesh)
  10. Awais Ali (Pakistan)
  11. Josh Boyden (England)
  12. Noor Ahmad (Afghanistan)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...