රිස්වාන්ගේ හා ඩේවිඩ්ගේ ප්‍රහාරය මුල්තාන් කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය අද (05) කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ දී නිමාවුණේ මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ලකුණු 57 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මෙම තරගයේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පෙෂාවර් කණ්ඩායමේ නායක වහබ් රියාස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට මුල්තාන් කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි මුල්තාන් සුල්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ මුල්තාන් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් හතරේ පහරවල් 8 ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 53 කදී ලකුණු 82 ක් රැස්කරගැනීමට සමත් වුණා.ශාන් මසූඩ් පන්දු 25 කින් ලකුණු 35 ක් වාර්තා කළා.

සොහයිබ් මක්සූඩ් ලකුණු 25(17) ක් හා කුශ්දිල් ශාහ් නොදැවී ලකුණු 21(7) ක් ලබා ගත්තා.

ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් ටිම් ඩේවිඩ් පන්දු 19 ක් තුළ ලකුණු 51 ක් නොදැවී රැස්කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 2 ක් ඇතුළත්.

පන්දු යැවීමේදී සල්මාන් ඉර්ශාඩ්, ශොයිබ් මලික් සහ උස්මාන් කාදීර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 223 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පෙෂාවර් සල්මි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳ වැටී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 165 ක් පමණයි.

හස්රතුල්ලා සසායි ලකුණු 43(32) ක් රැස්කළා. බෙන් කටින් නොදැවී ලකුණු 52(31) යි. හේදර් අලී ලකුණු 24(12) කටත්, උස්මාන් කදීර් ලකුණු 12(10) කටත් දැවී ගියා. ශොයිබ් මලික් හට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 11(14) ක් පමණයි.

පන්දු යැවීමේදී ශාර්නවාස් දහානී සහ ඉම්රාන් තහීර් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. බ්ලෙසින් මුසරබානී සහ අබ්බාස් අෆ්‍රිඩී එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...