ශාරුක් ඛාන් හා ඉෂාන් කිෂන් ඉන්දීය එක්දින සංචිතයට කැදවයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සංචිතයට පිතිකරුවන් දෙදෙනෙකු වන ඉෂාන් කිෂන් හා ෂාරුක් ඛාන් කැදවා තිබෙනවා.

ඒ අනුව රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පළමු එක්දින තරගයේ දී රෝහිට් ෂර්මා සමගින් ඉෂාන් කිෂන් ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළු සාමාජිකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගිය දෙවැනිදා අනාවරණය වුණා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් වූයේ ශිකර් ධවාන්, ෂ්රෙයස් අයියර්, රුටුරාජ් ගයික්වඩ් හා නව්දීප් සයිනි (අතිරේක ක්‍රීඩක) යන අයයි.

ඒ අනුව මයාන්ක් අගාර්වල් එක්දින සංචිතයට කැදවීමට ද ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර පියවර ගෙන තිබුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට(6) අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඉන්දියාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩා කරන 1,000 වැනි ජාත්‍යන්තර එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

Squad for the 1st ODI:

Rohit Sharma (C), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wk), Deepak Chahar, Shardul Thakur, Yuzvendra Chahal, Kuldeep Yadav, Washington Sundar, Ravi Bishnoi, Mohd. Siraj, Prasidh Krishna, Avesh Khan, Ishan Kishan, Shahrukh Khan.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...