ජෝ රූට් ගැනත් එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියි

Date:

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් ජෝ රූට් කටයුතු කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(4) තහවුරු කළා.

ලෝඩ්ස් හී දී පැවැති මාධ්‍ය හමුවකදී එංගලන්ත කණ්ඩායමේ වැඩබලන කළමණාකරණ අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රාව්ස් හා එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් විසිනුයි ඒ බව තහවුරු කළේ.

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස දරුණු පරාජයකට පත් වීමත් සමග මේ වන විට එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන තනතුරු දැරූ තිදෙනෙකුට සිය ධූරවලින් ඉවත්වීමට සිදු වුණා.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, සහාය පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් හා කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් යන පුද්ගලයින්ටයි එලෙස සිය තනතුරු අහිමි වුණේ.

ඈෂ්ලි ගිල්ස් ධූරයෙන් ඉවත් වීමත් සමග වැඩබලන කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස පත් කෙරුණු ඇන්ඩෲ ස්ට්‍රාව්ස් මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළේ තමා එංගලන්ත කණ්ඩායමේ ස්ථීර කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු නොකරන බවයි.

මාර්තු මාසයට යෙදී ඇති එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරය අරමුණු කර ගනිමින් තාවකාලික ප්‍රධාන පුහුණුකරුවෙකු ඉදිරියේ දී පත් කිරීමට නියමිත අතර, එම සංචාරය සදහා වන එංගලන්ත සංචිතය ද ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...