ධනංජයගේ ශතකය හමුවේ දඹුල්ල අඛණ්ඩව 5 වැනි තරගයත් පරදියි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වන හා 12 වන තරග අද(4) පිළිවෙලින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී හා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

පල්ලේකැලේ පැවැති තරගාවලියේ 11 වැනි තරගයේ දී දඹුල්ල කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම ලකුණු 51ක ජයක් වාර්තා කළා.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබා ගත්තා.

ඒ, නායක ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු 101න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ළහිරු සමරකෝන් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් ද, ඉෂාන් ජයරත්න හා දමිත සිල්වා කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ 12 වැනි තරගය දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ ගාලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ලකුණු 44ක ජයක් වාර්තා කිරීමට ගාලු කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 49.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කළා.

ඒ, අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි කවිෂ්ක අංජුල ලබා ගත් ලකුණු 75 න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී කලන පෙරේරා, හිමේෂ් රාමනායක, ළහිරු මදුෂංක හා තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ළහිරු මදුෂංක ලකුණු 43ක් රැස් කළ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 42කට දැවී ගියා.

පන්දු යැවීමේ දී චලන ද සිල්වා ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. ප්‍රියමාල් පෙරේරා බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...