තවත් එංගලන්ත ක්‍රිකට් ප්‍රධානියෙක් ධූරයෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් ද සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් ද සිය ධූරවලින් ඉවත් වීමට කටයුතු කර ඇති පසුබිමකයි.

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙනුයි ඔවුන්ට මෙලෙස සිය ධූරයන්ගෙන් ඉවත් වීමට සිදු වුණේ.

මේ වන විට වැඩබලන කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස ඇන්ඩෲ ස්ට්‍රාව්ස් කටයුතු කරනවා.

මාර්තු මාසයට යෙදී ඇති එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින් තාවකාලික පුහුණු කාර්යය මණ්ඩලයක් ඉදිරියේ දී පත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...