ඉන්දු – ශ්‍රී ලංකා දිවා රාත්‍රී ටෙස්ට් තරගය තහවුරු වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයට අයත් ටෙස්ට් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි අද (3) තහවුරු කළා.

එම තරගය බැංගලූරුහී දී පැවැත්වෙන බවයි ඉන්දියාවේ Sportstar වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ගංගුලි සදහන් කර ඇත්තේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතයි.

“ඔව්, රෝස පන්දු තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) බැංගලූරුහී දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය පැවැත්වෙන සියලුම ක්‍රීඩාංගන සම්බන්ධයෙන් අපි තාම තීරණය කරලා නැහැ. නමුත්, එය කඩිනමින් නිවේදනය කරනවා.”  යනුවෙන් ගංගුලි සදහන් කළා.

ඒ අනුව ඉන්දියාව දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් සදහා සත්කාරකත්වය දරන තෙවැනි අවස්ථාව බවට අදාළ ටෙස්ට් තරගය ඉතිහාසගත වනු ඇති.

මීට පෙර 2019 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ද, 2021 වසරේ දී එංගලන්තයට එරෙහිව ද ඉන්දියාව සිය රටේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබුණා.

විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ද ඉල්ලා අස් වූ බැවින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ නව නායකයෙකු යටතේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පෙබරවාරි 25 වනදා තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වන බව ප්‍රකාශ කරමින් නිල තරග කාලසටහන මීට පෙර නිවේදනය කර තිබුණ ද, එය මේ වන විට සංශෝදනයකට ලක් කෙරෙමින් පවතින්නේ අදාළ තරග සංචාරය 20යි 20 තරගාවලියෙන් ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම තරග සංචාරයට අයත් තරග අවම ක්‍රීඩාංගන සංඛ්‍යාවකදී පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...